බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ශ්‍රිපාලී මණ්ඩපයේ උපාධි ප්රධානෝත්සවයේ උපාධියක් ලබාගැණීමට පැමිණි තරුණියක් ඇගෙ පෙම්වතා විසින් පහැරගෙන යාමට ගත් උත්සහයක් නාරාහේන්පිට පොලිසියේ නිළධාරීන් විසින් ව්‍යර්ථ කර ඇත .
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අසලදී පැහරගත් තරුණියක් මෝටර් රියකින් රැගෙන යන බවට අද (29) දහවල් පොලිස් හදීසි ඇමතුම් අංකයට තොරතුරක් ලබී තිබුනි . ඒ අනුව නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ මාර්ග බාධකයේ සිට මෝටර් රථය නැවැත්වීමට අණ කර ඇත .
කෙසේ වෙතත් මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමත් හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෝටර් රථය නතර කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයා පැහැරගෙන යමින් සිටි තරුණිය සහ මෝටර් රථය එම ස්ථානයේ දමා පළා ගොස් ඇත. තරුණිය පැහැරගෙන ඇත්තේ ඇගේ පෙම්වතා වීසින් බව තහවුරුව ඇතැයි පොලිසිය පවසයි .
පළාගිය පෙම්වතා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.