සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇතිබව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි .
සේවකයින් විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම නිවේදනයේ දැක්වෙයි .
පසුගිය 25 වනදා දහවල් 2.00 සිට සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් සිය රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණු බවත් ඒ හේතුවෙන් මූල්‍යමය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබා දුන් බවත්, ඊයේ (28) නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කළද සේවකයින් විසින් වැඩ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාම හේතුවෙන් මෙලෙස කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.