සජිත්ගෙන් ජනතාවට ආයාචනයක් .

ඕනෑම ආණ්ඩුවකට රැල්ලට අසීමිත බලතල ලබා දීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක පැවසීය . ඒ අනුව මින් ඉදිරියට ඕනෑම රජයකට බලය ලබා දීමේදී සර්ව සාධාරණ බහුතරයක් පමණක් ලබා දීම ප්‍රමාණවත් බවත්, එමගින් රට තුළ යුක්තිය, සාධාරණත්වය සහ සෞභාග්‍යය නිර්මාණය කිරීමට ඉඩ සැලසිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් අඩුපාඩු පැවතියද, එදා රටේ පැවැති ත්‍රස්තවාදී අර්බුදය විසඳා ගැනීමට එහි බලතල බෙහෙවින් ඉවහල් වූ බව ඔහු පැවසීය .
එහෙත් වර්තමානයේ ප්‍රමුඛතාව විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම බව ඔහු පෙන්වා දෙයි .

එසේම, තේරීම් කාරක සභා වැනි විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීම වහා නතර කළ යුතු බවත්, හිස් වචනවලට සීමා නොවී වහාම එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඔහු ආණ්ඩුවට අභියෝග කළේය .