විනිසුරුවරුන් සහ අධිකරණය සම්බන්ධයෙන් මතුවන ගැටලු සාධාරණව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිමය ක්‍රියාපටිපාටීන්ට අනුකූලව විසඳාගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි .
නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය පවසනුයේ පෞද්ගලික මඩ ප්‍රහාර මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු විය හැකි බවය .
රාජ්‍ය බලය පාවිච්චි කරන ඕනෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද නීත්‍යනුකූල පරීක්ෂාවට සහ වගවීමට යටත් විය යුතු බවත්, උසාවි තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ අධිකරණ පාලනය යථාර්ථවාදී හා වගකීම් සහගත විවේචනයට ලක්කළ හැකි බවත් නීතිඥ සංගමය එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ඕනෑම විනිසුරුවරයකුට එරෙහිව විශ්වාසදායක චෝදනා පවතින්නේ නම්, සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන් ඔස්සේ සාධාරණ ලෙස ඒවා විමර්ශනය කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය අතරතුරදීය.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එමගින් ප්‍රථමයෙන්ම වාසිය හිමිවන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාට බවත්, 2026 දෙසැම්බර් 1 වනදායින් අවසන් වීමට නියමිත ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ගෙන එන බවට සමාජය තුළ මතයක් පවතින බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.