”සොනාල් දිනූෂ තෙන්ඩුල්කාර් වගේ” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩළයේ උප සභාපති කියයි .

ලංකා යොවුන් පිතිකරු සොනල් දිනුෂ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචීන් තෙන්ඩුක්කාර්ට සමාන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රාජීව් ශුක්ලා පවසයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ටැග් කරමින් සිය X ගිණුමේ සටහනක් තබමින් ශුක්ලා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ සොනල් කියන්නේ අරුම පුදුම ක්‍රීඩකයෙක්, ඔහු සචින් තෙන්ඩුල්කාර් වගේමයි, අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ඉදිරියටම යන විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයකු වීමට ඔහුට හැකියාව තියෙනවා” යනුවෙනි.

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේදී අඛණ්ඩව ඉනිම 4කදීම ලකුණු 50 සීමාව (50-plus scores) ඉක්මවා යාමට සොනල් දිනුෂ සමත් විය.