22 වන සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීන බව නැතිවෙන හැටි කියන්න.

22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම්වන් ආකාරය පැහැදිළි කරනා ලෙස එම සංශෝධනයට එරෙහිව අදහස් පලකරනා පාර්ශවයන්ට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අභියෝග කරයි . ඔහු මෙම අභියෝගය එල්ල කළේ අද (15) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි .

තමන් නියෝජනය කරන පාර්ශවය මේ සම්බන්ධව සත්‍ය මහජනතාවය ප්‍රකාශ කළ ඇති බවත්, තවත් කණ්ඩායමක් යමක් සඟවාගෙන මහජනතාවය අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළළේය .

තවද ජනාධිපතිවරයා සහ මහා නාහිමිවරුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවතින බවත් බොහෝ අවස්ථාවල උන්වහන්සේලාගෙන් උපදෙස් අනුශාසනා ලබා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය .

“මේ විසිදෙවන සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙන්නේ කොහොමද කියන එක කෙළින් කට ඇරලා කියන්නකෝ. අපි කියනවා අපි මේක කරන්නේ ඇයි කියලා. අර කණ්ඩායම කියන්න කොහොමද මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙන්නේ කියලා. තාම කියන්නේ නෑ. ඔන්න ඕක තමා තියෙන ප්‍රශ්නේ. ” අමාත්‍යවරයා පැවසීය .