පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවේ තීරණාත්මක පරිච්චේදයක් අවසන් වෙයි .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙන­කුට එරෙ­හිව අධි චෝදනා 23,270 ක් ගොනු කරමින් විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (13) පස්වරු 1.00ට අවසන් විය .

පැමි­ණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස 2309 ක පිරිසක් සාක්ෂි ලබා දුන් අතර එහි අව­සාන සාක්ෂිද අද ඉදි­රි­පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට දැනුම් දුන්නේ සාක්ෂි විභාගය අවසන් ­කරන බවයි.

ඒ අනුව වසර 5 කට ආසන්න කාල­යක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කෙරුණු පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් විය. එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන 17 වැනිදා ආරම්භ කරන බවයි. අනතුරුව විත්තිවාචික කැඳවිමේදි විත්තිකරුවන්ට ඇති ව්‍යස්ථාපිත අයිතිවාසිකම් පහදා දුන් අධිකරණය චුදිතයන්ට අවශ්‍ය නම් සාක්ෂි කුඩුවට පැමිණි දිවුරුම් පිට සාක්ෂි ලබා දිය හැකි බවද බවත් එසේ ලබා දෙන සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය වන බවත් දෙමල භෂා පරිවර්තකගේ මාර්ගෙයෙන් කරුණු පහදා දුන්නේය. එමෙන්ම අවශ්‍ය නම් සාක්ෂි කුඩුව නොපැමිණ විත්තිකුඩුවේ සිට සාක්ෂි ලබා දිය හැකි බවත් එකී සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය නොවන බවද පහදා දුන්නේ ය. එසේම චුදිතයන්ට පෙර කී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන විත්ති කුඩුවේ නිහඬ සිටිමටද හැකි බව පහදා දුන්නේ ය.

නඩුවේ විත්තිකරුවෝ 25 ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගියේය. ඒ අනුව විත්තිකරුවෝ 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන් අතර 2022.10.15 වැනිදා අධිචෝදනා කියවා දුන්නේය.

මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන සෙසු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව විභාග වේ.

පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේදී විත්ති­ක­රු­වන් දුන් පාපෝ­ච්චා­රණ කිහි­ප­යක් ස්වේච්ඡා­වෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරී­ක්ෂ­ණ­යේදී සනාථ විය.

චූදිත යින්ගේ පාපොච්චාරණ 10 ක් සාක්ශි ලෙස පිලිගෙන ඇත . රජයේ රස පරික්ශක වාර්තා ගනනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක්ද සාක්ෂි ලෙස ලකුණු කර තිබේ. නඩු විභා­ග­යේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් කරුණු රැසක් අනා­ව­ර­ණය කර ඇත .

ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල මෙහෙ­ය­වයි.