සාගර කාරියවසම්ට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කර තිබේ.

මෙහි නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30 ට අවසන් වීමෙන් අනතුරුව, ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල්තබනු ලැබීය.

ඒ අනුව පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් ද සාගර කාරියවසම්ට පනවනු ලැබීය.

ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මුදාහැරීමට අධිකරණය නියෝගය කළේය.

පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයකට අදලව අද උදයේ ඔහු අත් අඩංගුවට ගනු ලැබීය .