ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්ඩංගුවට ගෙන තිබේ .
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත . පසුගියදා ඔහු වීසින් පොලිස්පතිවරයා පිළිබඳව කළ ප්‍රකාශයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කාර්යංශයට අද කැඳවා තිබුනි .
පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ .