විනිසුරුවරුන් විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් සිදුවන බව නීත්‍යානුකූලව ඔප්පු කර පෙන්වීමට හැකි වන්නේ නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීමට ආණ්ඩුවට තවමත් කාලය පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසීය .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ සැකැස්ම සහ සංශෝධන පිළිබඳ තීරණ ගැනීමේ සම්පූර්ණ බලය හා අයිතිය පාර්ලිමේන්තුව සතු බව පැවසූ ඔහු යෝජිත සංශෝධන හමුවේ විපක්ෂය බියපත්ව සිටින්නේ ඔවුන්ගේ සාමජිකයන් බන්ධනාගාර ගතවීම නිසා බව පැවසීය .
අධිකරණයේ ස්වාධීනත්වය යනු නීතිය වේගයෙන්, යුක්තිගරුකව සහ බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වීම බවත්, වත්මන් ක්‍රියාවලිය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඔහු සඳහන් කළේය .