‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශ වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් තවත් බේලි පාලම් තොගයක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, මෙට්‍රික් ටොන් 250කට අධික බරකින් යුත් මෙම නවතම පාලම් තොගය ඉන්දියාවේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත්-ආපදා ප්‍රතිසංස්කරණ පැකේජයේ තවත් අදියරක් ලෙස ලබා දී ඇති බවයි සඳහ කරයි .
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් මෛත්‍රී කේ විසින් මෙම පාලම් තොගය, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ වෙත නිල වශයෙන් භාර දෙන ලදී.