ඇමරිකාව විදෙස් සේවකයන් ගෙදර යවන්නට නව නීතියක් ගෙන එයි .

‘H1B’ කාණ්ඩය යටතේ රැකියාවල නිරත ඇතැම් විදේශීය සේවකයන්ගේ රැකියා අහිමි වූ විට, නව රැකියාවක් සොයාගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60 ක සහන කාලය අහෝසි කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ සඳහා වන යෝජනාව දැනටමත් ධවල මන්දිර කලමනාකරණ සහ අයවැය කාර්යාලයේ (OMB) සමාලෝචනයට ලක්වෙමින් පවතින බව වාර්තා වේ .

යම් හෙයකින් මෙම නව යෝජනාව නීතියක් බවට පත්වුවහොත්, රැකියාව අහිමි වන විදේශීකයන්ට සහ වෙනත් අමෙරිකානු සේවා යෝජකයෙකු වෙත මාරුවීමට හෝ තමන්ගේ වීසා කාණ්ඩය වෙනස් කිරීමට ඇති අවස්ථාව අහිමි වෙයි . ඒ අනුව ඔවුන්ට වහාම අමෙරිකාවෙන් පිටකිරීමට නියමිතය .

H-1B වීසා ලාභීන්ගෙන් බහුතර ඉන්දියානුවන් වන අතර අමෙරිකානු පුරවැසිභාවය සහ ආගමන සේවා ආයතනයේ (USCIS) දත්තවලට අනුව 2024 වසරේදී අනුමත වූ සමස්ත H-1B වීසා අයදුම්පත්වලින් 71% ක්ම ඉන්දියානු ජාතිකයන්ගේ අයදුම්පත් වෙයි. මේ වන විටත් අමෙරිකාවේ ජීවත් වෙන ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින්ගෙ සංඛ්‍යාව මිලියන 5.2 ඉක්මවයි .