අධික තදබදය හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය ලොකු අවදානමක.

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ .

මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ නොසන්සුන්තාවය මහර, කොළඹ මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල ද පැතිර ගිය අතර සැලකිවයුතු පිරිසක් ඉන් ඝාතනය විය.

මීගමුව බන්ධනාගාරයේ කැරැල්ල ඇතිවෙන අවස්ථාවේ සිරකරුවන් 839 ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328 ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිටි බව වාර්තා වේ .

එම අවස්ථාවේ මිගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සහ රැඳවූවන් සංඛ්‍යාව 496 ක් වන නමුත් එහි 2,403 කු රඳවා සිටිබව වාර්තා වේ . එය ධාරිතාවය මෙන් පස් ගුණයක් ඉන්මවා ගිය සංඛ්‍යාවකි .

අධිකරණ අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට සිරගත වූ පිරිසගෙන් 90% ක්ම සැකකරුවන් වෙයි . රස පරීක්ෂක වාර්තා සහ පොලිස් විමර්ශන නිම නොවීම මත විශාල පිරිසක් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමද මෙම තත්ත්වයට හේතුවකි .