පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි .

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ආරම්භ වීමට නියමිතය .

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී අද (09) උදෑසන 9.30 ට විභගය ආරම්භවන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යය සිසුන් 73,723 දෙනෙකු පෙනී සිටී . ඒ අනුව මෙවර විභාගයට පෙනී සිටිනා මුළු සිසුන් ගණන 294,089 කි.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.

විභාගය උදෑසන 9.30ට විභාගය ආරම්භවීමට නියමිතමුත් සියලු සිසුන් උදෑසන 09වන වන විට විභාග ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග කොමසාරි ජනාරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි පවසූවාය .