අවම බලය යෙදවීමෙන් කුරුවිට බන්ධනාගාරයේ දෙදෙනෙක් මරුට .

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය බන්ධනාගාර බලධාරීන් විසින් අවම බලය යොදා වෙඩි තැබීමෙන් පසුව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි .

මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

උදෑසන කාලයේදී බන්ධනාගාරය තුළ ආරම්භ වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මුලින්ම රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඔවුන් වහා රෝහල් ගතකළ බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි . එලෙස රෝහල් ගතකළ පිරිසෙන් දෙදෙනෙක් මියගොස් ඇතිබව පොලිසිය පවසයි .