ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගුකිරීමේ යෝජනාව කැබිනට් කැබිනට් මණ්ඩලය අනුමත කරයි.

අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි .

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ.