දෙවිනුවර පෙරහැරේ කාවඩි නටන්නට අවසර .

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අත් හිටවා තිබූ කාවඩි නර්තනය නැවත ආරන්භ කිරීමට තීරණය කර තිබේ. කන්ජිපාණි ඉම්රාන් සහ දෙහිබාලේ මල්ලි නම් පාතාල සාමජිකයන් දෙදෙනා අතර ගැටුම නිසා මෙවර පෙරහැරෙන් කාවඩි නර්තනය ඉවත්කරන්නට පොලිස්පති වරායා නිර්දේශ කරනා ලදි .

එම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකාවල ආණ්ඩුවේ ස්ථාවරය බරපතල ලෙස විවේචනයට ලක්වූ අතර, පිළිබඳ උදාවී ඇති අවිනිස්චිත තත්ත්වය ගැන සාකච්චාවක් අද පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විනි .

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සහභාගීත්වයෙන් පැවති එම රැස්වීමේදී පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු කිහිපදෙනෙක් සහභාගී විය .

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට (28) පැවැත්වෙන පෙරහැරට අතිරේක පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලීසිය ආරක්ෂාව සඳහා යෙදවීමටය.