කුලුණු තෂ්මිකගේ තුන් ඉරියව් දස්කම් නිසා සිරි පියරතන ක්‍රිකට් පිල අවසන් 16 දෙනාගේ වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට පාදුක්ක සිරි පියරතතන විද්‍යාලයීය 17න් පහළ කණ්ඩායම සමත් විය.

පසුගිය 21 වැනිදා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවති තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 23 කින් පරදවමින් ඊලඟ වටයට ළඟාවන්නට ඔවුහු සමත්වූහ .

මේ වසරේ 17න් පහළ කාණ්ඩයේ සුවිශේෂී දක්ෂතා දක්වන කුලුණු තෂ්මික මේ තරගයේදීත් තුන් ඉරියව් දස්කමක් පෙන්වීමට සමත් විය. කණ්ඩායමේ ආරම්භක පිතිකරු හා පන්දුයවන්නා වන ඔහු මේ තරගයේදීත් පන්දු 102 කින් ලකුණු 92 රැස්කළ අතර , පන්දු යවමින් කඩුලු තුනක් දවා ගන්නටත් සමත් විය.

ලකුණු පුවරුව

පාදුක්ක සිරි පියරතතන විද්‍යාලය පන්දුවාර 47.5 දී සියලු දෙනා දැවී ලකුණු 196 ( කුලුණු තෂ්මික 92, පුදසර යුනාල් 34, සහෝජ් දෙව්දුන් 24, ) තුසරක තෙවිරු 3/25 රශ්මික ප්‍රභාත් 3/33

පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය පන්දුවාර 40.3 සියලු දෙනා දැවී ලකුණු 173 ( මිනුක නෙත්මික 42, පමෝක් මෙත්දිනු 30 )
කුලුණු තෂ්මික 3/33, චනිඳු දම්දිස 3/37, පුදසර යුනාල් 2/8