මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වාරයෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ මෙතෙක් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසයි . මෙම වාහන 1025 න් වාහන 625 ක් මෙරටට මාස හයකට අධික කාලයක් තිස්සේ වරායේ තිබෙන බවත්, එම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
ඒ අනුව කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 109 වන වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව හෙතෙම කියාසිටියේය.
මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලුම බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුය. එසේ නොකරන්නේ නම් අදාළ පනත යටතේ ඒවා විකුණා එම මුදල්වලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අයකරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන රේගු පනතේ පවති .