පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයන් හයදෙනකුගෙන් රුපියල් මිලියන 160 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්න ලද හොරණ හිටපු එක්සත් ජාතික පක්ෂ නගර සභා මන්ත්‍රීවරියක වත්තල පොලිසිය අධිකරණයට ඉදිරිපත්කරනා ලදුව මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම සැකකාරිය සිය බැංකු ගිණුමේ මුදල් නොමැතිව චෙක්පත් ලබාදෙමින් මෙම ව්‍යාපාරිකයන් රවටා ඇති බව වාර්තා වේ. ඇය දීර්ඝ කාලයක සිට මෙම ව්‍යාපාරිකයන් මඟහරිමින් සිට ඇති අතර, පසුගිය සෙනසුරාදා (18) ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත අදාළ ව්‍යාපාරිකයන් පිරිස එම ස්ථානයට ගොස් ඇය මුණ ගැසී ඇතිබවත් වාර්තා වේ.
එහිදී සැකකාර මන්ත්‍රීවරිය සහ ව්‍යාපාරිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත . එය සංසිඳවීමට මැදිහත් වූ මිරිහාන පොලිසිය සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සැකකාර මන්ත්‍රීවරිය වත්තල පොලිසියට බාර දිමෙන් පසු ඊයේ ඇය වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු වෙත ඉදිරිපත් කර 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත .