දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියේ අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම කර ඇත . වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුරු සහ යතුරුපැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරයි . සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.