වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති . ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දේවස්ථාන වසා දමන තත්ත්වයක් උදාවී ඇති බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.
යුරෝපයේ පිහිටි දැවැන්ත බැසිලිකා සහ දේවස්ථාන අද වන විට හිස් අවකාශයන් බවට පත්ව ඇති බවත්, ජනතාව සති අන්තයේ දේවස්ථාන වෙත පැමිණෙනවා වෙනුවට විවිධ විනෝදාංශ සහ විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීම ඊට හේතුව බවත් උන්වහන්සේ පැවසූහ .
දෙවියන් වහන්සේ කෙරෙහි පවතින භක්තිය සහ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් මිනිසා තාවකාලික තෘප්තිය සහ භෞතික සම්පත් රැස් කිරීම පසුපස හඹා යන බවත්, මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග අමතක කර දමා ශාරීරික අවශ්‍යතා ගැන පමණක් සිතන සමාජයක් බිහිවෙමින් පවතින බවත් කාදිනල් තුමෝ පැවසූහ .