දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීගෙන තිබේ .
ගාල්ල – කොළඹ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී අද (19) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇත.
එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ. හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. ගිනි නිවීම් සේවා විසින් ගින්න මැඩපවත්වා තිබේ .