ජනපතිගේ ප්‍රංශ සංචාරය කල්යාමෙන් GSP+ සහනය ලබාගැනීම අනතුරේ .

මෙම මස අගදී ක්‍රියාත්මක විමට නියමිත්ව තිබූ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රංශ සංචාරය කල්‍ යාම නිසා GSP+ සහනය දීර්ඝ කරගැණීමට ප්‍රංශයේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සහයට බාධාවක් විය හැකි බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ බලපෑම ඇතුළු දේශීය වශයෙන් මතුව ඇති අත්‍යවශ්‍ය කරුණු හේතුවෙන්, මෙම මාසය අගදී සිදුකිරීමට නියමිතව තිබූ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රංශයේ නිල සංචාරය කල්දැමීමට හේතුව බව අමාත්‍ය විජිත හේරත් උපුටා දක්වමින් The Sunday Times පුවත්පත වාර්තා තිබුනි . ඒ අනුව

එම වාර්තාවට අනුව මේ පිළිබඳව ප්‍රංශ බලධාරීන් දැනුවත් කර ඇති අතර, මෙම වසරේ අග භාගයේදී නව දිනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා ඇත.

මෙම සංචාරයේදී GSP+ බදු සහන පහසුකම දීර්ඝ කිරීම සඳහා ප්‍රංශයේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සැලසුම් කර තිබූනු අතර, සංචාරය කල් යාම නිසා එම කටයුතු ආපේක්ෂා ක්ළ පරිදි නිමකරගැනීමට නොහැකිවනු ඇතිබව එම වාර්තාව පවසයි . දැනට ක්‍රියාත්මක GSP+ තීරුබදු සහනය මේවසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින්, ශ්‍රී ලංකාවට ලබන වසරේදී සඳහා නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිදු වේ.

GSP+ පහසුකම අඛණ්ඩව ලබාගැණීමට නම් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය ආවරණය වන අන්තර්ජාතික සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැදී සිටී . 2010 වසරේදී ශ්‍රි ලංකාවට GSP+ පහසුකම අහිමිව ගිය අතර එය 2017 යහපාලන රජය සමයේ නැවත ලබාදෙන ලදි . එම පහසුකම 2027 දී කල් පිරිමට නියමිතය .