මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවූවන්ට අතපය කැඩෙන්නට පහරදෙයි.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කළහාකාරී සිදුවීමෙන් පසු වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවූ රැඳවූවන්ට එම බන්ධනාගාරවලට පහර දෙන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරනා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
පවසනුයේ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යවූ රැඳවූවන්ට දරුණු ලෙස පහර දී ඇති බවත්, එම පහර දීමෙන් ඇතැමුන්ගේ පාද කැඩී ඇති බවත්ය .

වැලිකඩ බන්ධනාගරයට යවූ රැඳවුවන්ට පහර දීමේ සූදානමක්ද පවතින බවත්, එම පහරදීම් වැලැක්වීමට වහා මැදිහත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනා බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා ද බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා ඇත .

මේ අතර, දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.