මීගමුව බන්ධනාගාරයේ 25 ක් මරුට . ගැටුම මඩින්නට යුධ හමුදාව සහ ගුවන් හමුදාව කැඳවයි .

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලීසිය පවසයි . මෙම ගැටුම හේතුවෙන් මේවන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට ආසන්න බව වාර්තා වෙයි .

තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන්ද කැඳවා ඇත .