මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ ඊයේ සහ අද පෙරවරුවේ හටගත් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැග ඇත . මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු මියගොස් ඇති අතර සෙස්සෝ රැඳවූවෝ වෙති.
ඊයේ ඇති වූ තත්ත්වය සමනය විමෙන් අනතුරුව අද (06) උදැසන ආහාර දිම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඇතුලු වු අවස්ථාවේ රැඳවූවෝ එම නිලධාරීන්ට පහර දුන්හ. එහිදි ඇතිවු ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ජිවිතක්ෂයට පත් වු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මාධ්‍යට පැවසීය .
බන්ධනාගාරයේ කාර්‍යාලය, ඔසුසල සහ අවි ගබඩාව කඩා සියලුම භාණ්ඩ රැඳවූවන් මේ විට අත්පත් කරගෙන ඇත.
බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒම සදහා රැඳවූවන් සහ රැඳවියන් උත්සහ කිරීමේදී ඉන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිසිය හා කැරලි විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඔවුන් පාලනය කර ගැනීමට සමත් විය.
මේ අතර ගුවන් හමුදාව සතු බෙල් 412 හෙළිකොප්ටරයක් හා ඩ්‍රෝන යානාවක් මගින් බන්ධනාගාර පරිශ්‍රයේ තොරතුරු නිරික්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු යොදා තිබුණි. නිලධාරීන්ගෙන් පැහැරගත් ගිණි අවි යොදා ගනිමින් රැදවියන් එම ඩ්‍රෝන යානාවට වෙඩි තබා ඇත.
තත්ත්වය සමථයකට පත්කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකය කඳුළු ගෑස් සහිතව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇත . තුවාල ලැබූ 100ට ආසන්න පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර බන්ධනාගාර නිලධාරින් පිරිසක් ද සිටින බව රෝහල් බලධාරිහු පවසති .
රැඳවූවන්ගේ සුවදුක් බැලීම සදහා පැමිණ ඥාතීන් හා හිත මිතුරන් සිය ඥාතින්ගේ තොරතුරු විමසමින් කළඹල කරන්නට විය. අසල ගොඩනැගිලි හා තාප්පවල නැගී ගත් ඔවුන් රැදවූවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් කෑ ගැසූ අතර බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව තත්ත්වය පැහැදිලි කරමින් ඥාතීන් පාලනය කිරීමට කිරිමට දැඩි උත්සහයක නිරත විය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නැමැති රැඳවූවෙක් විසින් මෙම ගැටුම මෙහෙයවා ඇතැයි අනාවරණය වී ඇත.