ගෑස් සමාගම් දෙක තරගෙට මිල අඩුකරති.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් අද (3) මධ්‍යම රාත්‍රියේ සිට සිය නිෂ්පාදන මිල පහත හෙළා ඇත .

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 4,465 ක් ලෙස දැක්වෙයි.

කිලෝ ග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයත් රුපියල් 118 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,792 කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් පහළ දමා ඇත්තේ නව මිල රුපියල් 835 ක් ලෙස දැක්වෙයි .

ලාෆ් ගෑස් සමාගමද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් අඩුකිරීමට පියවර ගෙන ඇත . ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280 කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 4,965 ක් ලෙස සටහන් වේ.

කිලෝග්‍රෑම් 5 ක ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 512 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,988.00 කි.