සිය රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් තාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය 26 වෙනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේදී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් ඒවා භාර දී නොමැති බවද සඳහන් වේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණයකට අනුව ඊයේ ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.