ඩොලරටය සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍රමානය වෙයි .

2026 වසරේ පළමු මාස 6 ක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 8% කින් පමණ අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර තිබේ.

මහ බැංකු වාර්තාවලට අනුව, සිකුරාදා (26) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 341.87ක් ලෙසිනි .

කෙසේ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය මාසයේදී ප්‍රකාශ කළේ, වත්මන් රුපියල අවප්‍රමාණය වීම 2022 වසරේ සිදු වූ දරුණු කඩා වැටීමට වඩා වෙනස් එකක් බවය.

වර්ථමානයේ රුපියල පහළ යාමට හේතු වී ඇත්තේ දේශීය සිද්ධීන් නොව ගෝලීය තත්ත්වයන් බව ඔහු එහිදී පැවසීය .