ප්‍රංශයේ බිහිසුණු ගුවන් අනතුරක් .

ඊසානදිග ප්‍රංශයේ ටොම්බ්ලේන් නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 11දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වෙයි . මියගිය අය අතර ගුවන් නියමුවා සහ මගීන් 10දෙනෙකු සිටින බවත්, එම මගීන් අතරට සිසුන් පස්දෙනෙකු සහ පැරෂූට් උපදේශකයන් පස්දෙනෙකු ඇතුළත් බවත් වාර්තා වේ.

අනතුරට පත් ගුවන් යානය පැරෂුට් පුහුණු පාසලකට අයත් බවත්, එය නැන්සි-එසී ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ වහාම මෙලෙස අනතුරට ලක්ව ඇති බව ද සඳහන් වෙයි . ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් ටැබරොට් පැවසුවේ තමා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් අනතුර සිදු වූ ස්ථානයට වහා ලඟා වූ බවත්, එය “භයානක ඛේදවාචකයක්” ලෙස හැඳින්විය හැකි බවත් ය.