අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දන්වා ඇත .
අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක කිරීම, අගලවත්තට අධිකරණ සංකීරණයක් ගෙන ඒම සහ නව පොලිස් ස්ථානය සඳහා අවකාශ ලබා නොදීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාර්ථකවීම, ආපදා කළමණකාකරණ ගොඩනැලිල්ල ඉවත් නොකිරීම යනාදී කරුණු රැසක් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව සහ කාර්මික සේවා කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවද ඔහු සභාපතිවරයාට යැවූ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත .