අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක අපයෝජනය කරන ලද බව කියන සිද්ධියට අදාල නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ අද කැඳවනු ලැබීය .
එහිදී අධිකරණය හමුවේ කාරුණු දැක්වූ නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධ සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත්ය.
නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ අධිනීතීඥ පැවසූවාය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ පැවසූවේ මේ බව ප්‍රකාශ කළේ, සිදුකරන පොලිස් විමර්ශන පිළිබඳව, නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බවය . නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට ප්‍රතමවරට පෙනී සිටියෙ අදය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බවය.
විමර්ශවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පොලිසිය කළ ඉල්ලීමට තම එකඟතාව පළ කරන බවද ජනාධිපති නීතීඥවරයා කීවේ ය. දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් “යහපත්ව, ඉතාමත් ආරක්ෂිත ලෙස” පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බව වින්දිත දැරිය අධීක්ෂණය කරන පරිවාස නිලධාරිනිය සඳහන් කළා ය.
සියලු පාර්ශව වල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින්, නඩුව එලැඹෙන අගෝස්තු මස 21 වන දින යළි කැඳවීමට නියෝග කළේ ය. එදිනට යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, අභයගිරිය චෛතරාමාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති සහ ථූපාරාමාධිපති ඥානින්ද යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද මෙම නඩුව දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණයේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.එමෙන් ම වනජීවී නිලධාරීන් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින ජය ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ද මෙම නඩුව දැක බලා ගනුවස් අධිකරණයට පැමිණ සිටියේය.