මාතර බස් අනතුරින් 40 ක් රෝහලට.

මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටීමෙන් අනතුරක් සිදුව ඇත . එම අනතුරින් තුවාල ලබා රෝහල්ගතකළ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුලත්කර ඇති අතර සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනා බව පොලිස් ආරංචිමාර්ග පවසයි .

ගාල්ල සිට අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට මුහුණ දී ඇත .