ඔන් ලයින් ව්‍යාපාර නිසා බදුගෙවන ජනතාවට අසාධාරණයක් වෙනවා.

මාර්ගත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනය කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය . ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය .

අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යානුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බවත්, පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780 ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය .