අද දින විවාදයට ගනු ලැබූ විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවට පැමිණියේය .
එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසූවේ දුෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයින්, අපරාධ යන සියල්ල මැඩපැවැත්විය යුතු බවත් ඒ සඳහා නීති හා රාජ්‍ය ආයතන තිබුනද , අවාසනාවකට මෙන් අදවන විට විපක්ෂය මේ සියල්ලේ ප්‍රධාන චුදිතයා බවය.
අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර විශාල කාර්යභාරයක් ඉටුකරනා නමුත් ඔහු විපක්ෂයේ සතුරෙකු බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය .
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලීප පීරිස් හා අධිකරණය ද අද වනවිට විපක්ෂයේ සතුරෙකු වී ඇති බවද ජනාධිපතිවරයා පැවසීය .
“අද වෙද්දි සාධාරණය, යුක්තිය, ප්රජාතන්ත්රවාදය හා යහපාලනය විපක්ෂයට ඔරොත්තු දෙන්නේ නෑ.. රාජ්‍ය ඇතුළේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් අපරාධ කර ඇත්නම් අපරාධකරුවන් හෙළි කළ යුතු නැද්ද ? එය රට පාවාදීමක් ද ? එය දේශද්රෝහීවීමක් ද ? නෑ ඒ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්ථනය කළ යුතුයි.”
අපේ රට තිබුණේ අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාවන්, බුද්ධි අංශ කෙරෙහි ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකර ඇති කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩවට පත්වෙන්නේ නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා…දේශීයවත්, ජාත්‍යන්තරවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාවන් වෙනුවෙන් හමුදාවන් හා බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඔවුන් ඔ්නෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි ඒ කාර්ය කරනවා. හැබැයි හමුදාවේ හෝ බුද්ධි අංශයේ කුඩා කණ්ඩායම් රාජ්‍ය උවමනාවකට, යම් පවුලක බලය වෙනුවෙන්, දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් යම් කාරණා ඉටුකර ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබාදෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ.. ජනාධිපතිවරයා පැවසීය .
තාජුඩීනුත් ඝාතනය, පාස්කු ප්‍රහාරයත් ගැන අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක ඒ සියල්ල තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙුනවෙන් කරන ලද අපරාධ බව පැවසීය . මේ සියල්ල පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් හිටි බව පැවසූ ඔහු මේ කරුණු සියල්ල රටටා හෙළිකළ යුතු බව පැවසීය.