ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් පහළ යයි .

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (25) දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වී ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්ථාවක දැක්වෙයි .

එම වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.34 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 342.037ක් ලෙසත් සටහන් වී ඇති බව සඳහන් වේ .

ඊයේ (24) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340.068ක් ලෙසත් වාර්තා වී තිබූ අතර, ඒ අනුව අද දිනයේදී ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇත .