වෙනිසියුලාවේ කැරකස් අගනුවර ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පා දෙකක් හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඊට අමතරව 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය පවසයි .
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර තිබෙන්නේ, රිච්ටර් මාපක 7.2ක භූමිකම්පාවක් හටගෙන තත්පර 39 කට පසුව රිච්ටර් මාපක 7.5ක තවත් භූමිකම්පාවක් වාර්තා වූ බවයි.
භූමිකම්පාවලින් අනතුරුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වෙයි .