පසුගිය 17 වන දා තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබීයදී සොයාගත් කාන්තාගේ මළ සිරුර සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද බුද්ධි තොරතුරක් පදනම්ව මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත. යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම පිරිස අද (24) අලුයම යාපනයට පැමිනෙත්ම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වාලගෙන සිට ඇති බව වාර්තා වෙයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සිටි බවය.
මෙම සැකකරුවන් පසුගිය දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති අතර ඔවුන් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සහාය දරා ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.
මෙලෙස ඝාතනය කර තිබුනේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක ලෙස සේවය කරමින් සිටි 35 හැවිරිදි කාන්තාවකි . ඇය වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි . මෙම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පූර්ණ අධීක්ෂණය මත සිදුකර තිබුණි.