එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් ඇමරිකාව සහ ඉරානය ගල්ෆ් කළාපයේ පවතින යුද්ධය නිමාකිරීම සඳහා වන ”ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමට” (MoU) අත්සන් තැබූහ.
මේ සමගම හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් ඉවත් වී ලෝක ආර්ථිකයට බරපතල බලපෑමක් කරමින් ඉහළ යමින් තිබෙනා ඉන්ධන සහ ගෑස් මිල පහළ යනු ඇති අතර ඇද වැටෙමින් තිබෙනා ලෝක ආර්ථිකය එමගින් ස්ථාවර වනු ඇත .
කෙසේ වෙතත් ඉස්ලාමාබාද් එකඟතාවයට අදාල නිළ උත්සවය 19 වන සිකුරාදා ජිනීවා හීදී පැවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .