ඇමරිකාව ඊශ්‍රායලය අතහැර දමයි .

ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවල් එල්ල කළද, ඊශ්‍රායලය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැලකී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍යට පවසා ඇත.

සටන් විරාම මැද ඉරානය විසින් ඊශ්‍රායලයට පළමුවරට මිසයිල ප්‍රහාරය මාලාවක් එල්ල කර ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඊශ්‍රායලය පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් ඇමරිකාව ඉරානය සමග අවසන් ගිවිසුමකට එලඹීමට සූදානමින් පසුවන බවත්, එම ගිවිසුම අත්සන් තැබීමට ඉතාමත් ආසන්න අවස්තාවක නැවත ප්‍රහාහාර එල්ල කිරීම මගින් මැදපෙරදිග සාමය පිළිබඳව බලාපොරොත්තු බිඳවැටිය හැකි බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය පවසයි .

කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයද වසා දැමීමටත් එහි සේවකයින්ට ආරක්ෂති ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් දන්වා තිබේ.

ඉරානය සමග අමෙරිකාව සිදුකරන ඕනෑම ගනුදෙනුවකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නොමැති බව මීට පෙරද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුනි .