එක තැනක නැති හර්ෂගේ කකුල් දෙක .

වත්මන් පාර්ලිමෙන්තුව නියෝජනයන් කරනා මන්ත්‍රීවරුන් අතරින් හර්ෂ ද සිල්වා සුවිශේෂී චරිතයකි . ඔහුගේ හැසිරීම, වාග් විලාශය සහ පාර්ලිවේදී කටයුතු කරනා අකාරය බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇත . මේ දිනවල හර්ෂ ද සිල්වා නැවතත් සමාජයේ වැඩි අවධානය දිනාගනිමින් සිටී . ඒ කාගේ හෝ ගිණුමකට මහජන මුදල් ඩොලර් මිලියන 2.5 ක් බැර කිරීමේ සිද්ධියට අදාලවය.

විපක්ෂය නියෝජනය කරනා හර්ෂ මේ සිදුවීමට පැටලෙනුයේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපාති ලෙසය . ඔහු සභාපති ධුරය දරනා එම කමිටුවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවනු ලැබූ අවස්ථාවේ ඔහු එහි පැමිණිම ප්‍රතික්ෂේප කළේය . එහෙත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන රංග රාජපක්ෂගේ දිවි නසාගැනීම සැලවූ සැනින් ඔහු මුදල් කමිටුවට පමිණියේය. එහිදී සිදුවූ විමර්ෂණය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් කමිටු සාමාජික රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද අතර ඒ වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් සමාජයේ අත්තේ හොඳ ආකල්පයක් නොවේ. විශේෂයෙන් දිනන දකුණ සාමූහිකය හර්ෂගේ සභාපතීත්වයෙන් යුතු කමිටු වාර්තාව ගැන සඳහන් කරනුයේ ආණ්ඩුව බේරා ගැනිමට සකස් කළ වාර්තාවක් ලෙසය.

ඩොලර් මිලියන 2.5 ක් අවස්ථා 10 කදී ව්‍යාජ ගිණුමකට බැර කිරීම ආයතනික සංක්‍රාන්ති සමයක සිදුවූ වැරදීමක් ලෙස මුදල් කමිටු වාර්තාවේ සඳහන් වීම කෙතරම් සාධාරණදැයි දිනන දකුන සාමූහිකය ප්‍රශ්ණ කරයි . පද්ධති වෙනස්කමක් සිදු නොවී තිබියදී මෙවැන්නක් සිදුවීම ආයතනික සංක්‍රාන්ති සමයක සිදුවූවක් ලෙස සැළකිම සාධාරණ නැති බව ඔවුනගෙ මතයයි . දේශීය සහ විදේශීය අනතුරු ඇඟවීම් නොතකා එක නිළධාරියෙකුගේ අනුමතියෙන් මෙවැන්නක් සිදුවීම අත් වැරදක් වන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්ණ කරති .

කමිටු සභාපතිවරයෙක් ලෙස හර්ෂ ද සිල්වාට අත්තේ කීර්තිමත් ඉතිහාසයකි . එහෙත් රටම දන සිටි ඒ හර්ෂ මේ මුදල් කමිටුවේ නැතිබව එහි වාර්තාව කියවූ බොහෝ දෙනෙකුගේ මතයය. ඊට සමගාමිව හර්ෂ දේශපාලන කරණමකට සැරසෙන්නේදයි යන සැකයද මේ වන විට බොහෝ දෙනෙකුගේ සිත ඇතිවී තිබේ . විපක්ෂයේ දක්ෂයන්ට ආණ්ඩුවට එක්වන්නැයි ඇරයුම් පිට ඇරයුම් ලැබෙමින් තිබෙනා අවස්ථාවක පතෝල විපක්ෂයක සිටිනා දක්ෂම මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් දෙලොවටම නැති වාර්තාවක් නිකුත් කිරීම නිසා එවැනි සැකයක් සමාජයේ ඇතිවීමේ වරදක් නැත . එහෙත් ලියුම්කරුගේ මතය වනුයේ හර්ෂ ද සිල්වා යනු එතරම් තද දේශපාලන කෂේරුකාවක් ඇති අයෙක් නොවනා බවයි . ඔහුට එවන් හැකියවක් තිබුනේනම් 2022 රනිල්ගේ ආණ්ඩුවට සෘජුවම සම්බන්ධ වීමට ඉඩකඩ තිබුනි.

එදා තමන් සමග එකට ස.ජ.බ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටි මනූෂ සහ හරීන් වැන්නෝ ජීවිතය ඔට්ටුවට තබා රනිල්ගේ අණ්ඩුවට එක් වෙද්දී හර්ෂ, ඉරාන් වැන්නෝ කළේ රාත්‍රියේදී රනිල් සමග සිට උදේ සජිත් ගේ විපක්ෂයේ අසුන් ගැනීමය . පොහොට්ටුවේ එතරම් පිළිගැනීමක් නොතිබුන කන්චන විජේසේකර, ෂෙහාන් සේමසිංහ වැනි තරුණ මන්ත්‍රිවරු රනිල්ගේ කැබිනට්ටුවේ සිට කළ වැඩ ප්‍රමාණය දෙස බලනා කළ හර්ෂ ද සිල්වා වැන්නෙක්ට කෙතරම් දුරක් යාහැකිව තිබුනේද යන්න සිතාගැනීම අසීරු නොවේ.

එහෙයින් මේ අවස්තාවේ ඔහු ආණ්ඩුවට එක්වනු ඇතැයි පැතිර යන ආරංචිය සැබෑවන්නක් නොවීමට ඇති ඉඩ වැඩිය. මේ මොහොතේ ඔහු ස.ජ.බ හැර යන්නට දිරිමත් නොවනු ඇත. ස.ජ.බ නායකයාගේ සැබෑ හැඩතළ හර්ෂට දැනගන්නේ ඔහුට රාජ්‍ය බලය හිමිවු පසුවය . සජිත් සැබෑ සතුරන් ලෙස දකින්නේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ තුළ සිටින්නන් නොව ස.ජ.බ ඇතුළේ සිටිනා දක්ෂ ජනප්‍රිය නායකයන් ය. රටම සලකන ඉම්තියාස් බාකීර් මාකාර්ට පල නොකියා බලා බෙදනා තැනට සජිත් අත්වූයේ ඒකය . මේවා හර්ෂ ද සිල්වාට රහස් නොවේ. ඔහු ඒවා හොඳින් දනී. ඒත් ඒ බව සිතන්නට ඔහුට ඕනෑකමක් නැත . රාජ්‍ය බලය උදෙසා ප්‍රායෝගිකව සටන් නොකරන, ඔටුන්න කුණු කානුව දිගේ විත් හිසට වැටෙනා තෙක් කණුවට හිස අල්ලාගෙන සිටිනා සජිත් ප්‍රේමදාස වැන්නෙක් ලඟ සිට නිකං දියවී යනවාට වඩා අනාගතයක් හර්ෂට හිමිවන්නේ නැතිබව පෙනෙන්නට ඇති සත්‍යයය.

ජීවක .