ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී, එහි අවදානම නොතකා ග්රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇතිබව වාර්තා වේ .
මීට පෙර මෙම චොදනාව යටතේ නඩුවක් පනවා තිබූ අතර, අධිකරණය විසින් පැනවූ මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100 ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය මත එම නඩුව ඉවත්කර ගැනීමට අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම එකඟ විය . එහෙත් එම කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ මෙලෙස නැවත නඩුපවරා ඇති බව වාර්තා වේ .