බස් අජිත් එකට එක කරයි .

‘බස් අජිත්’ ලෙස ප්‍රකට ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණට ඔහු කලකට පෙර ගැයූ ‘ඇස යොමන තැනක’ ගීතය නැවත ගැයිමට එරෙහිව එහි පද රචිකාවිය වන ශාක්‍යා මුණසිංහ විසින් වාරණයක් පැනවීමෙන් අනතුරුව, එම ගීතයේ පද මාලවටම අජිත් මුතුකුමාරණ විසින් නව ගීතයක් නිර්මාණය කර ඇත.

සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන්නේ, ගීතයේ අයිතිය සම්බන්ධයෙන් මේ දිනවල පවතින සංවාදය අතරතුර අජිත්ගේ මෙම ක්‍රියාව, අපූරු ‘එකට එක කිරීමක්’ බවය .

එහිදී අජිත් විසින් ගීතයේ ‘ඇස යොමන තැනක’ යන පද මාලාව වෙනුවට ‘සිත හඬන රැයක’ යනුවෙන් වෙනත් පද මාලාවක් යොදා නව නිර්මාණය සිදුකර ඇත.

වසර 23 කට පමණ පෙර නිර්මාණය වූ මෙම පළමු ගීතය, ජනප්‍රියත්වට පත්වූයේ මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ, එම ගීතයට අනුව සිදුකළ මනාල යුවලකගේ නර්තනයකින් අනතුරුවය.