තුන්වන පාර්ශවයකට වගකිමකින් තොරව ගෙවා රටට අහිමිකළ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස මුදල් ලේකම්වරයාට බලකරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පැවති විරෝධතාවයකට ප්රහාරයක් එල්ලවී තිබේ .
විරෝධතාකරුවන් ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී එහි පැමිණි වෙනත් පිරිසක් ඔවුන්ට ගොම හා ගල් ප්රහාරයක් එල්ල කර ඇති අතර, එමගින් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
පොලිස් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට එම ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වෙයි .