ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් එනම් රුපියල් බිලියන 1.1 ක් ( රුපියල්
කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක භික්ෂූන්වනසේ 22 නමක් අත් අඩංගුවට ගෙන තිබේ .ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද විශේෂ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත .
මෙම භික්ෂූන් වහන්සේලා කණ්ඩායම පසුගිය අප්‍රේල් 22 වැනිදා තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇතිබවත්, ඒ සඳහා කිසියම් අනුග්‍රාහකයෙකු ඔවුනට ගුවන් ටිකට්පත් ලබාදී ඇතිබවත්, මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත් අඩංගුවට ගත් මෙමෙ භිෂූන්වනසේලා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනා ලද අතර, එහිදී මෙම කණ්ඩායම මැයි 02 දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කළාය .
සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කරමින් ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ස්ථානාධිපති සනත් කුමාර, පොලිස් සැරයන්, අබේකොන්, පොලිස් සැරයන් මාරඹගේ, පොලිස් කොස්තාපල් ප්‍රසන්න යන නිලධාරීන් කරුණු දැක්වුහ.
මෙම භික්ෂූන් වහන්සේලා මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණේ අතිශය සූක්ෂම ආකාරයකට බවත්, ඔවුන් විසින් ගෙන ආ සෑම ගමන් මල්ලකම ව්‍යාජ ලෙස පතුල් සකසා, ඒ තුළ මත්ද්‍රව්‍ය සඟවා ඊට ඉහළින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ සහ විවිධ රසකැවිලි අසුරා තිබූ බවත් ඕවුහු අධිකරණය හමුවේ පැවසූහ . ඒ අනුව එක් භික්ෂූන් වහන්සේ නමකගේ ( චීවරධාරියකුගේ ) ගමන් මල්ලක අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්04ත් 05ත් අතර බැගින් සඟවා තිබූ බව ඕවුහු අධිකරණයට පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසය මෙන්ම ගුවන් තොටුපළ ඉතිහාසයද සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළ අතිශය කම්පනකාරී පුවත මෙය බව එම නිළධාරීන් වැඩි දුරටත් පැවසූහ . මේ සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත් වූ මෙම භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් වහන්සේලා බව හඳුනාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ මෙතෙක් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතරම, භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සමඟ මේ ආකාරයෙන් කොටුවූ පළමු අවස්ථාවද , මෙම අවස්ථාව බව ගුවන්තොටුපොළ පොලිසිය සඳහන් කරයි.
මෙම භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, ඔවුන් තායිලන්තයේදී සිවුරු ඉවත් කර සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවා පොලිසිය විසින් සොයාගෙන තිබුණි.