ලෙබනනයේ සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකා සඳහා විවෘත කරනා බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කළ ප්‍රකාශය පැය 24 යන්නට පෙර බිඳවැටී ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
අද පස්වරුවේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවීමත් සමග එහි නාවීක ගමනාගමණයට යළිබාධා ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.
නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන ‘TankerTrackers’ ආයතනය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 ඔස්සේ ලැබුණු පටිගත කිරීම් දෙකක් මගින් මෙම තොරතුරු තහවුරු කරගත් බවයි.
මෙම සිදුවීමේදී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස ආපසු හරවා යවූ එක නෞකාවක් ඉරාක බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත බොරතෙල් ප්‍රවාහන නෞකාවක් බව වාර්තා වේ.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම සාකච්ඡා මේ වන විටත් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට උත්සාහ කරමින් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වී ඇත.