හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් නිකුත් කිරීමේ වෙනසක් .

පෙට්‍රල් වාහන සඳහා මේ වන විට අත්හිටවා ඇති QR කේත ක්‍රමය හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව පෙට්‍රල් වාහන සඳහා පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේය .

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට හෙට (18) දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුනි .