කොළඹට වතුර කැපෙන හැටි මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල සැපයුම අත් හිටවීමට සිදුඅ ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව ජල කප්පාදුව සිදුවන ආකාරය

පාදුක්ක – ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා

හෝමාගම – අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා

පැලැන්වත්ත – හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා

ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත .