ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත . එම දූපතේ වැදගත් සියළු ඉල්ලක්වලට පහර දුන් බව ඇමරිකාව කළ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය උපුටාදක්වා තිබේ.
කාර්ග් යනු සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන අතර මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි තිබේ . එම දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර, එය ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙස හඳුන්වනු ලබනවා. ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන්නේ මෙම දූපත හරහායි.
ඒ අනුව කාර්ග් දූපතට එල්ලවන ඕනෑම ප්‍රහාරයකින් ඉරාන ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ලවනු ඇති බවත්, මෙම දූපත අල්ලා ගැනීමට අමෙරිකාව විශේෂ හමුදා යැවීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .